Skip links

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ගාසා තීරයේ එකම පවුලේ 11ක් මරුට

ඊශ්‍රායලය එල්ල කරන ලද ප්‍රහාරයකින් එකම පවුලේ 11 දෙනකු මියගොස් ඇත. සටන් විරාමය උල්ලංඝනය කරමින් මෙම ප්‍රහාරය එල්ල කළේ යැයි ඊශ්‍රායලයට චෝදනා එල්ල වී තිබේ.

ගාසා තීරයේ සිවිල් ආරක්ෂක බලකාය උපුටා දක්වමින් අල්ජසීරා වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇත. ඊශ්‍රායලය එල්ල කරන ලද මෙම ප්‍රහාරය හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති සටන් විරාමය කඩ කිරීමක් යැයි ද, එලෙස සටන් විරාමය කඩ කළ මාරාන්තික තනි සිදුවීමක් යැයි ද අල්ජසීරා ප්‍රවෘත්ති වාර්තාවේ දැක්විණි.

සිවිල් වැසියන් ගමන් කරමින් සිටි රථයකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති අතර ඊශ්‍රායල යුද ටැංකියක් අදාළ ප්‍රහාරය එල්ල කර ඇතැයි ගාසා සිවිල් ආරක්ෂක බලකාය සඳහන් කළේ ය. ගාසා නගරයේ සෙයිතුන් හි ජීවත් වූ අබු ෂබාන් පවුල මෙම රථයේ ගමන් කරමින් සිට ඇති අතර ප්‍රහාරය සිදුව ඇත්තේ සිකුරාදා, සැප්තැම්බර් 17 වැනිදා ය. 

අබු ෂබාන් පවුල ඔවුන්ගේ නිවස නිරීක්ෂණය කිරීම සඳහා ඒ වෙත ළඟා වෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන ඊශ්‍රායල හමුදා එල්ල කරන ලද ප්‍රහාරයෙන් දරුවන් හත්දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 11 දෙනකු මියගිය බව ගාසා සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රකාශක මහ්මූද් බසාල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. 

“ඔවුන්ට අනතුරු අඟවන්න තිබ්බා. එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් කටයුතු කරන්න තිබ්බා” බසාල් පැවැසීය. “ඊශ්‍රායලයේ ලේ පිපාසිත බව, ඔවුන් අපේ භූමිය අත්පත් කරගැනීම තවමත් නවතා නැති බව මේ සිදුවීමෙන් පැහැදිලි වෙනවා. ඒ ඔවුන් දිගින් දිගටම අහිංසක සිවිල් වැසියන්ට එරෙහිව අපරාධ සිදු කරමින් සිටිනවා” යැයි ද ඔහු කීය. 

 

ඡායාරූපය – ඒ.පී. ; ගාසා නගරයේ විනාශ වූ ගොඩනැගිලි අතරින් ඇවිද යන පලස්තීන වැසියන්. (Palestinians walk among destroyed buildings in Gaza City, on Thursday, October 16, 2025 [Jehad Alshrafi/AP])

Leave a comment

This website uses cookies to improve your web experience.