Skip links

පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත් ලැයිස්තුවට පෘතුගාලයත් 

පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව තීරණය කරයි

ද්වී-රාජ්‍ය විසඳුමක් සඳහා නව ජාත්‍යන්තර පෙළඹවීමක් ඇති කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව සහ පෘතුගාලය පලස්තීන රාජ්‍යයක් ලෙස  විධිමත්ව පිළිගෙන ඇත. ඉකුත් ඉරිදා (සැප්තැම්බර් 21 වැනිදා) නිල වශයෙන් මේ බව ප්‍රකාශයට පත් කෙරුණු අතර බටහිර රටවල මෙම තීරණය පලස්තීනුවන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. කෙසේ නමුත් සිය මිත්‍ර රටවල මෙම තීරණය ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ දැඩි විවේචනයට ලක්ව තිබේ. 

මෙලෙස රටවල් පලස්තීන රාජ්‍ය පිළිගැනීම, ද්වී-රාජ්‍ය විසඳුම ආරක්ෂා කරන සහ පලස්තීන ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය කරා යන ගමනට අප සමීප කරන ආපසු හැරවිය නොහැකි පියවරක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පලස්තීනයේ විදේශ කටයුතු අමාත්‍ය වර්සන් අඝබෙකියන් ෂහීන් ප්‍රකාශ කළා ය. 

“එය අපව ස්වෛරීත්වයට සහ ස්වාධීනත්වයට සමීප කරන පියවරක්. මෙම පියවර නිසා හෙට යුද්ධය අවසන් වෙන්නේ නැහැ. එහෙත් මෙය ඉදිරි පියවරක්. අපි තවදුරටත් ගොඩනගා ගත යුතු සහ තවදුරටත් වර්ධනය කළ යුතු පියවරක්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පැවැසුවා ය. 

සිය මිත්‍ර රටවල් ඇතුළුව බටහිර රටවල් මෙලෙස පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය ඔවුන්ගේ දැඩි අප්‍රසාදය සහ කනස්සල්ල පළ කර ඇති අතර මෙම පිළිගැනීම් හෙළා දැක ඇත. 

මෙලෙස පලස්තීනය පිළිගැනීම “අප්‍රසන්න” යැයි ඊශ්‍රායලයේ ඇතැම් දේශපාලනඥයන් සඳහන් කර ඇත. මෙම තීරණය හේතුවෙන් භූමියේ යථාර්ථය වෙනස් නොවන බව ඇතැම් පිරිස් සඳහන් කරන අතර පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කළ හැක්කේ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ඍජු සාකච්ඡා පැවැත්වීමෙන් පමණක් බව තවත් පිරිස් අවධාරණය කර ඇත. 

කිසිදිනෙක පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත වන්නේ නැතැයි මේ සියල්ලට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ ය. 

ඡායාරූපය – රොයිටර්ස්

Leave a comment

This website uses cookies to improve your web experience.