සටන් විරාමය සහ ආධාර ලබාදීම් නැවත පටන් ගන්නවා : ගුවන් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය කියයි
ගාසා තීරයේ සටන් විරාමය නැවත ආරම්භ කරන බව ඊශ්‍රායල හමුදා ඉරිදා (19) ප්‍රකාශ කළේ ය. සිය හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ඊශ්‍රායලය ඒ බව නිවේදනය කළේ ය. සිය හමුදා සාමාජිකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය සඳහන් කර තිබූ අතර එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් දෙදෙනකු මියගොස් තිබිණි. ඊශ්‍රායල හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් 26 දෙනකු මියගිය බව පලස්තීනය සඳහන් කළේ ය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන අවස්ථාක මෙම ප්‍රහාර එල්ල විය.
තමන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරන ලද සටන් විරාමය තවදුරටත් ක්‍රියාත්මක වන බව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. මෙලෙස සටන් විරාමය උල්ලංඝනය කිරීමට හමාස් සංවිධානයේ නායකත්වය සම්බන්ධ නැතැයි තමන් සිතන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.
සටන් විරාමය පවත්වාගෙන යන බවත් ඇතැම් විටෙක එය දුෂ්කර විය හැකි බවත්, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට සාධාරණ හේතුවක් තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් තමන් නිශ්චිතව නොදන්නා බවත් ඒ සම්බන්ධව විමසා පසුව දැනුම් දෙන්නම් යැයිතයැයිත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේ ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම මත මේ වනවිට නැවත වරක් පලස්තීනයේ ගාසා තීරය වෙත ආහාර සහ ඖෂධ රැගත් ආධාර කිරීම සඳුදා ආරම්භ වූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කළේ ය. හමාස් සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සිවිල් වැසියන්ට ආධාර ලබාදීම නැවැත්වීමට පියවර ගන්නා බව ඊට කලියෙන් ඊශ්‍රායල හමුදා සඳහන් කළේ ය. කෙසේ නමුත් ඇමෙරිකාවේ මැදිහත් වීම ඔවුන්ගෙන් එල්ල වූ පීඩනය නිසා ඊට නැවත ඉඩ ලබාදීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.
සටන්කාමීන් යුද ටැංකි-නාශක මිසයිලයක් දියත් කිරීමත් ඊශ්‍රායල හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමත් හේතුවෙන් මෙම අර්බුදය ඇති විය. ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදා හමාස් ඉලක්ක කිහිපයකට ම ගුවන් ප්‍රහාර එල්ල කළේ ය. හමාස් සංවිධානයේ භූමියේ අණදෙන නිලධාරීන්, වෙඩික්කරුවන්, ආයුධ ගබඩා, සහ උමං ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර තිබිණි.
ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 26 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වූ අතර ඒ අතර කාන්තාවක සහ දරුවක සිටි බව වාර්තා විය. ප්‍රදේශවාසීන් සහ සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය ද ඒ බව වාර්තා කර තිබිණි. නුසෙයිරාත් හි පාසලක් මේ වනවිට අවතැන්වූවන්ගේ කඳවුරක් බවට පත්ව තිබෙන අතර ඊට ද ආසන්න වශයෙන් ප්‍රහාරයක් හෝ එල්ල වූ බව ඒ ආසන්නයේ ජීවත් වන පිරිස් පැවැසූහ.
ඡායාරූපය – රොයිටර්ස් [Reuters]
